
Discover how to search for the depth of your life to boost vitality, move beyond stagnation, and align work and mental health with what you truly love.
Define your intention for this course by naming what you want to change, such as a habit or job. Set a daily 20-minute practice with reminders and note end-of-course goals.
Follow the course instructions, put in effort and use your strength to achieve the results and become successful in discovering your life's purpose.
ඔබ පෞරුෂ අවශ්‍යතා සෘජුවම ඉටු කරන්නේ නම් (සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන්) - එය ඔබ කරාමයක් විවෘත කර ජලය ගලා යන අතර බාල්දියක් පහසුවෙන් පුරවා ගැනීමට සමාන වේ.
ඔබ පෞරුෂ අවශ්‍යතා වක්‍රව (සෞඛ්‍යයට අහිතකර ලෙස) ඉටු කරන්නේ නම් - එය ඔබ වතුර බිංදු හරහා බාල්දි පුරවා ගැනීමට උත්සාහ කිරිම හා සමාන ය.
ඔබ යම් ආකාරයකින් ඔබේ අවශ්‍යතා සැපයුම කඩාකප්පල් කරන්නේ නම් එය ඔබට පෞරුෂ අවශ්‍යතා බාල්දියේ සිදුරක් ඇතිවාක් මෙනි. සිදුර නිසා ජලය බැස යන අතර එය කිසි විටෙකත් පිරෙන්නේ නැත.
උපදෙස්
සෑම ප්‍රශ්නයකටම පිළිතුරු 4 බැගින් පිළිතුරු සපයන්න.
සෑම පිළිතුරකටම ඊට අදාළ පෞරුෂ අවශ්‍යතාවය සොයා ගන්න. මෙය ඔබට සුවිශේෂී වේ. (අපි උදාහරණයක් ගත්තොත් කවුරුහරි ලියනවා විවේක වෙලාවට භාවනා කරනවා. එක් පුද්ගලයෙකු සඳහා භාවනාව තුළින් ඔවුන් "අධ්‍යාත්මික" අවශ්‍යතාවය ලබා ගන්නවා විය හැකි අතර තවත් පුද්ගලයෙකුට එය "හැඟීම් සම්බන්ධතාවය" හෝ "පුද්ගලික සංවර්ධන" අවශ්‍යතාවය මෙන් වෙනස් වෙන්න පුලුවන්. එබැවින් මතක තබා ගන්න, මෙය ඔබට සුවිශේෂී වේ)
සියලුම ප්‍රශ්න අවසානයේ ඔබේ පිළිතුරු වල පෞරුෂ අවශ්‍යතා සියල්ල list කරන්න.
එක් එක් පෞරුෂයට අවශ්‍ය කොපමණ වාර ගණනක් නැවත නැවත සිදු වී ඇත්දැයි දැන් ගණන් කරන්න.
වඩාත් වාර ගණනක් සටහන් වි ඇති පෞරුෂ අවශ්‍යතා 4 හෝ 5 ඔබේ පෞරුෂ අවශ්‍යතා වේ.
ඔබේම වෘත්තියක් නිර්මාණය කිරීමට පියවර නොගැනීමේ වේදනාව
ඔබේම වෘත්තියක් නිර්මාණය කිරීමට පියවර ගැනීමේ ප්රතිලාභ
පොදු සීමා කිරීමේ විශ්වාස සඳහා උදාහරණ. (ජීවිත අරමුණ හා බැදි)
1. මගේ ජීවිත අරමුණ හඹා යාමට තරම් මම හොඳ මදි.
2. ජීවිතයේ අරමුණ හඹා යෑම ආත්මාර්ථකාමී ය.
3. මම අසමත් වුවහොත් කුමක් වෙයිද? කරපු කිසි ෙදයක් වැඩක් නැති වෙනවා.
4. මම ඉන්න තැන හොදයි. මම වෙනස් විය යුත්තේ ඇයි?
5. මට මේ සඳහා වෙලාවක් නැහැ.
6. විශාල වෙනස්කම් කිරීමට මා වයස වැඩියි/තරුණ වැඩියි
7. මේක වැඩ වැඩියි
8. මට මගේ දෙමාපියන්ගෙ බලාපොරොත්තු සුන් කළ නොහැක
9. සාර්ථකත්වය වැඩි වගකීම් සහ ආතතිය ගෙන එනු ඇත
10. එය සිදු වීමට ඇත්නම් එය සිදුවනු ඇත. මම මෙය බල නොකළ යුතුයි.
11. සුදුසු කාලය පැමිණි විට මම මෙය පසුව කරන්නෙමි.
12. මම අතීතයේ උත්සාහ කලා, මම අසාර්ථක විය.
13. මට කුසලතා නැත
14. මට මුදල් නැත
15. මිනිස්සු හිතයි මට පිස්සු කියලා.
හැඟීම් කළමනාකරණ අභ්‍යාස
සිදුවුයේ කුමක් ද?
සිදු වූ දෙය නිසා එම පුද්ගලයා හෝ සිද්ධිය ගැන මා විශ්වාස කළේ කුමක්ද? මම දුන් තේරුම කුමක්ද?
එය සත්‍ය බව ඔබට 100% ස්ථිරවම දැනගත හැකිද?
එසේ නම් සත්‍ය නොවන බවට සාක්ෂි 3ක්?
අවශ්‍යතාවය කුමක්ද?
අවශ්‍යතාවය සපුරාලීමට සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක්.
1. ඔබගේ වර්තමාන රැකියාව ගැන ඔබ අසතුටින්ද?
2. ඔබට ඔබේ ජීවිතය තුළ සිරවී ඉදිරියට නොයන බවක් දැනෙනවාද?
3. ඔබේ ජීවිතයේ ඔබ කළ යුතු දේ සමඟ ඔබට ව්‍යාකූල බවක් දැනෙනවාද?
4. ඔබට ජීවිතයේ කිසිම ෙදයක් කරන්න motivation එකක් නැ වගෙ දැනෙනවාද? එය එසේ නම් මෙම පාඨමාලාව ඔබ සඳහා වේ.
අපි මෙහි සිටින්නේ ජීවිතයේ කෙටි කාලයකි. ඉතින් ඔබ අකමැතියි දෙයක් කරමින් අපි අපේ ජීවිතය නාස්ති කර ගත යුත්තේ ඇයි?
ඔබ සැබවින්ම කිරීමට කැමති දේ සොයා එය ඔබේ වෘත්තිය බවට පත් කරමු.
මෙම පාඨමාලාවේදී අපි ඉගෙන ගන්නවා.
1. ඔබේ පෞරුෂ අවශ්‍යතා සොයා ගන්නේ කෙසේද සහ ඒ හරහා ඔබ සැබවින්ම කිරීමට කැමති දේ සොයා ගැනීම.
2. ඔබේ ජීවිතය සඳහා දැක්මක් නිර්මාණය කිරීම.
3. ඔබ කිරීමට කැමති දේ මත පදනම්ව ඔබේ වෘත්තීය ඉලක්කය නිර්මාණය කිරීම.
4. ඔබේ සීමාකාරී විශ්වාසයන් නිදහස් කිරීම නැත්නමි ඔබේ මෘදුකාංග යාවත්කාලීන කිරීම .
5. අපගේ යටි සිතේ සිරවී ඇති දැවැන්ත ශක්තිය යටි සිත reprogram කිරීමෙන් පිටතට ගෙන ඒම.
6. මෙම වෘත්තීය ඉලක්කය සාක්ෂාත් කර ගැනීම ඉතාමත් පහසු කිරීම සඳහා අවශ්‍ය tools ලබා දීම.
කෙටියෙන්ම ඔබේ සිහින රැකියාව යථාර්ථයක් කර ගන්නේ කෙසේද යන්න මෙම පාඨමාලාවේදී මම ඔබට කියා දෙන්නෙමි. මෙය ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වනු ඇති බව මතක තබා ගන්න.
තමන් ආදරය කරන දේ කරමින් වඩාත් අර්ථවත් ජීවිතයක් ගත කරන්න ඔයා සුදානම් ද?
එහෙනම් අපි පටන් ගමු !